තුෂාර උපුල්දෙණිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

තුෂාර උපුල්දෙණිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි වරදකරුවකු පොදු සමාව යටතේ නිදහස් කිරීමට ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පසුගිය 09 වැනිදා තුෂාර උපුල්දෙණිය මහතා වැඩතහනමට ලක් කෙරුණු අතර එදිනම ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.

ඊයේ (10) තුෂාර උපුල්දෙණිය මහතාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා එම නියෝගය කළේය.

Share This