දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට අද (28) ගිගුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
චන්දන ලක්මාල්