ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (09) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
සබරගමුව දකුණ මධ්‍යම නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 75 ක පමණ තද වැසි ඇතිවිය හැකිය.
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
උයන්ගල්ල, අරංගල, කෝන්ගහවෙල, මොරගහකන්ද, මඩකලපුව යන ප්‍රදේශවලට අද(09) හිරු මුදුන් වනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්