සවස දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි

දිවයිනේ පළාත් කිහිපයකට අද (26) ප.ව. 2.00 පමණ පසුව ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
ඒ අනුව බස්නාහිර සබරගමුව දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 100 ඉතා තද වැසි ඇතිවිය හැකිය.
බස්නාහිර සබරගමුව ඌව දකුණ සහ වයඹ පළාත්වල ප.ව. 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකිය.
නැගෙනහිර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වර කීපයක් ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්