කුඩා දැරියන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන කළ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට

කුඩා දැරියන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන කළ ත්‍රිරෝද රථ රියදුරා අත්අඩංගුවට

වයස අවුරුදු හය සහ හත හැවිරිදි කුඩා දැරියන් දෙදෙනෙකු හට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන ත්‍රිරෝද රථ රියදුරෙකු ඊයේ (27) දින අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි 7 කණුව, උඩුවර ලිපිනයේ පදිංචි තිදරු පියෙකි.

සැකකරු හා ලිංගික අපයෝජනයට ලක්වු බව කියන දැරියන් දෙදෙනා එකම වතු නිවාස පේලියක ජිවත්වන අතර එම දැරියන් දෙදෙනා තනිව නිවසේ සිටියදි සිදුවු සිදුවිමක් පිලිබඳව හාලිඇල පොලිසිය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකල බවද පොලිසිය පැවසීය.

එම විමර්ශන වලින් අණතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අපයෝජනයට ලක්වු බව කියන දැරියන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණයක් සදහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කල බවද වාර්තාවේ .

බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත හලිඇල පොලිස් ස්ථානාධිපති පොප රුවන් ගුණතිලක මහතා විසින් ⁣වැඩි දුරටත් විමර්ශන සිදුකරන අතර සැකකරු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

බදුල්ල පි.එම් රේණුක

Share This