වත්තේගම මාළු ව්‍යාපාරිකයාගේ ඝාතනයට, සැකපිට තිදෙනෙක් අල්ලයි
මහනුවර වත්තේගම නගරයේ මාළු අලෙවි ව්‍යාපාරිකයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින්.
මාළු ව්‍යාපාරිකයා ඝාතනයට භාවිත කළ බව කියන තියුණු ආයුධ 04 ක් සහ රුපියල් 370,000 මුදලක්ද සැකකරුවන් සන්තකයේ තිබියදී සොයා ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල – කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරු පිළිබඳ අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව අනෙක් සැකකරු ගාල්ල – අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඔහුගේ නිවස තුළදී අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
සැකකරුවන් මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
වත්තේගම නගරයේ මාළු ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අතර පැවති විරසකයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
පසුගිය ජනවාරි මස 03 වැනිදා මරණකාර මාළු ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට දී ඔහුව අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබුණා.
එලෙස ඝාතනය කර තිබුණේ 39 හැවිරිදි වසන්ත සංජීව නමැති අවිවාහකයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ක්‍රියාත්මකයි.