තායිලන්තයේ උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් තිදෙනෙකු මරුට
තායිලන්තයේ පැවති උත්සව අවස්ථාවකදී, ඊට සහභාගි වෙමින් සිටි පිරිස දෙසට එල්ල කළ පුපුරණ ද්‍රව්‍යයක් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම සිදුවීමෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
ප්‍රහාරය එල්ලව ඇත්තේ, එරට උම්ෆැන්ග් ප්‍රදේශයේ වාර්ෂිකව පවත්වනු ලබන රතු කුරුස ‘Doi Loyfa fair’ ප්‍රදර්ශනය අතරතුරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විට ප්‍රහාරය එල්ල කළ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.