අමෙරිකා එක්සත් ජනපදය පුරා ගුවන් ගමන් දහස් ගණනක් ප්‍රමාදයි
කුණාටු හේතුවෙන් සංචාරකයින්ට බලපෑම්
සෙනසුරාදා දිනය පුරාම අමෙරිකා එක්සත් ජනපදය පුරා ගුවන් ගමන් දහස් ගණනක් ප්‍රමාද කර හෝ අවලංගු කර ඇති බව වාර්තා වනවා.
අමෙරිකාවේ ගිනිකොන දෙසින් පවතින මාරාන්තික ටොනේඩෝ තත්ත්වය සහ බටහිර වෙරළ තීරයේ දැඩි හිම සහ සුළඟ හේතුවෙන් රට පුරා මෙම ගුවන් ගමන් බාධාවලට හේතුවී තිබෙනවා.
සෙනසුරාදා දිනයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ගුවන් ගමන් 7,000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද කිරීමට සිදුව ඇති අතර 200 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර ඇති බව සඳහන්.
ඇට්ලන්ටා හි හාර්ට්ස්ෆීල්ඩ්-ජැක්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් වලින් තුනෙන් එකක් පමණ ප්‍රමාද වී ඇති අතර, හූස්ටන්හි ඩලස්/ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සහ ජෝර්ජ් බුෂ් අන්තර් මහද්වීපික ගුවන්තොටුපළෙන් ආරම්භ වන ගුවන් ගමන් වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වී තිබෙනවා.
සෙනසුරාදා දින එක්සත් ජනපදයේ ගිනිකොනදිග ටෙක්සාස්, ලුසියානා සහ මිසිසිපි ප්‍රාන්තවලට අවම වශයෙන් ටොනේඩෝ 10 ක් පමණ බලපා ඇති අතර, හූස්ටන් ප්‍රදේශයේ එක් අයෙකු අහිතකර කාලගුණය නිසා මිය ගොස් සිව් දෙනෙකු තිවාල ලබා ඇති බවයි ජාතික කාලගුණ සේවය පවසන්නේ.