දකුණු කොරියාවේ ලැව් ගින්නෙන් දහස් ගණනක් අවතැන්

දකුණු කොරියාවේ ලැව් ගින්නෙන් දහස් ගණනක් අවතැන්

පසුගිය දිනවල දකුණු කොරියානු ඉතිහාසයේ ඇති වූ විශාලතම ලැව්ගිනිවලින් මේවන විට මිනිසුන් සහ පුරාණ කෞතුක වස්තු බේරා ගැනීමට ගිනි නිවන භටයින් තරඟ වදිති. මේ වන විට ගින්නෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇත.

මාර්තු 21 වන දින ගිනිකොන දෙසින් ආරම්භ වූ ලැව්ගිනි හේතුවෙන් දස දහස් ගණනක් අවතැන් වී තිබේ.
මියගිය අයගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 60 සහ 70 ගණන්වල පසුවන්නන් බව ප්‍රාදේශීය නිලධාරීහු පවසති.

ගිනි ගැනීම් කිහිපයක් ඇති වීමට හේතු වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. තද සුළං සහ වියළි භූමිය නිසා ඒවා ඉක්මනින් පැතිරී ගොස් ඇත.

අඟහරුවාදා ගින්න මැඩපැවැත්වීමේදී එක් හෙලිකොප්ටරයක් කඩා වැටුණි. ඒ තද සුළං හේතුවෙනි. එබැවින් හෙලිකොප්ටර් ක්‍රියාත්මක වීම ද පවතින තද සුළං හේතුවෙන් භයානකය.

ගින්න හේතුවෙන් ගිනි උයිසොං නගරයේ වසර 1,300 ක් පැරණි දේවස්ථානයක් විනාශ වී ඇති අතර අනෙකුත් සංස්කෘතික ස්ථාන වලට තර්ජනයක් එල්ල වෙමින් පවතී.

සඳුනි තිලකරත්න

Share This