ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විනාශකාරීම ගින්න

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විනාශකාරීම ගින්න

ලොස් ඇන්ජලීස් හි ප්‍රදේශ කිහිපයක පැතිර යමින් පවතින ලැව්ගිනි තත්ත්වය ‘ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ විනාශකාරීම ගින්න’ බවට පත්ව තිබෙනවා.

තද සුළං සහ අතිශය වියළි තත්ත්වය, අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් කරා ගින්න වේගත්ව පැතිර යාමට හේතුව බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ගිනි නිවන භටයින් සඳහන් කර තිබුණේ, ගින්න පැතිරීමේ වේගය හමුවේ එය පාලනය කිරීම පහසු නොවන කාර්‍යයක් වන බවයි.

මෙම තත්ත්වය හටගෙන තිබුණේ බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවත් වන, එක්සත් ජනපදයේ වඩාත්ම මිල අධික ප්‍රදේශයක් ලෙස සැලකෙන පැසිෆික් පැලිසේඩ්ස් (Pacific Palisades) ප්‍රදේශයේ යි.

ඉන් මේ වන විට ගොඩනැගිලි 1,000 කට වඩා විනාශ වී හමාර ය.

බදාදා වන විට හොලිවුඩ් කඳුකර ප්‍රදේශය ද ලැව්ගින්නට ගොදුරු වූ බවයි වාර්තා වූයේ.

ගින්නෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු පමණ මිය ගොස් ඇති බව වාර්තා වී ඇති අතර, හානිය පිළිබඳ මූලික ඇස්තමේන්තු ඩොලර් බිලියන 10 සිට ඩොලර් බිලියන 50 දක්වා පරාසයක පවතින බව සඳහන්.

Share This