ඉන්දියානු සාගරයේ සුනාමි තර්ජනයක් නැහැ

ඉන්දියානු සාගරයේ සුනාමි තර්ජනයක් නැහැ

ඉන්දියානු සාගරය තුළ සුනාමි තර්ජනයක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය‌ මේ බව සඳහන් කළේ, රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමිනි.

අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

සමස්ත හවායි දිවයිනටම සුනාමි බලපෑම් එල්ලවීමේ අවදානම හේතුවෙන් වෙරළාසන්න කලාප මඟහැර ජනතාව උස් බිම් වෙත යොමු කෙරුණි.

මීට අමතරව චීනයට, පේරු රාජ්‍යයට සහ ඉක්වදෝරයට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බටහිර අමෙරිකානු වෙරළතීරයට මෙන්ම අමෙරිකාවට අයත් ගුවාම් සහ මයික්‍රොනීසියාවෙ හි ඇතැම් දූපත්වලට ද සුනාමි බලපෑම් එල්ලවනු ඇතැයි අපේක්ෂිතය.

Share This