කුකුළු මස් හා බිත්තර හිඟයක් නෑ

කුකුළු මස් හා බිත්තර හිඟයක් නෑ

උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති නොවන බව සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ප්‍රමාණවත් තොග අවශ්‍යතාව මත වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින බව එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළා.

ශීතකල කුකුල් මස් කිලෝග්‍රෑමයක් රුපියල් දහසට අඩුවෙන් මිලදී ගත හැකි අතර, බිත්තරයක් රුපියල් 31ත්, 33ත් අතර මිලක පවතින බව සභාපතිවරයා පැවසුවා.

Share This