මේ වසරේ මාරක රිය අනතුරු 994ක් සිදුවෙලා

මේ වසරේ මාරක රිය අනතුරු 994ක් සිදුවෙලා

ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කියා සිටියේ 2025 වසරේ සිට මාරක රිය අනතුරු 944 පුද්ගලයින් 1007 දෙනෙකු මියගොස් ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ රිය අනතුරු පාලනය කර ගැනීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

ජනවාරි පළමු දින සිට මැයි මස 18වන දින දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26,413ක් නීතිය හමුවට ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

චන්දන ලක්මාල්

Share This