මෙරට ආර්ථිකයට වැඩිම දායකත්වය බස්නාහිර පළාතෙන්
2023 වසරේ දී මෙරට ආර්ථිකයට නැතහොත් දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වයක් ලබා දී තිබෙන්නේ බස්නාහිර පළාත බව මහබැංකුව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් එය 2022 වසරට සාපේක්ෂව ප්‍රතිශතාත්මකව සුළු අඩු වීමක් බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
ඒ අනුව 2023 වසරේ ශ්‍රී ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය සඳහා ඉහළම දායකත්වය ලබාදී තිබෙන්නේ බස්නාහිර පළාතෙන්.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 43.7 ක් වනවා.
බස්නාහිර පළාත තුළ මෙම දායකත්වය සඳහා සේවා සහ කර්මාන්ත අංශ කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා.
එහි දෙවන ස්ථානයේ පසුවන්නේ වයඹ පළාතයි.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 10.9ක අගයක්.
සියයට 10.3ක දායකත්වයක් ලබාදෙමින් තෙවන ඉහළම දායකත්වයක් මධ්‍යම පළාතෙන් ලබාදී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.