අද ඩොලරයේ වටිනාකම
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 288.5761ක් ලෙසයි.
එහි විකුණුම් මිල රුපියල් 297.3339 ක් ලෙස සටහන් වී තිබෙනවා.
මේ අතර මෙම සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වතාවට කොටස් මිල දර්ශකය ඒකක 14,500 පසුකළා.
පොලි අනුපාතිකය පහළ යාම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් කොටස් වෙළෙඳපොළේ මෙම වර්ධනය සිදුව ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ විධායක නිලධාරිනී ශ්රිමා ප්රනාන්දු මහත්මිය පැවසුවේ.