සිසුවියට මත්පැන් පෙවූ ටියුෂන් ගුරා අත්අඩංගුවට
සිසුවියකට මත්පැන් පානය කිරීමට ලබාදුන් බව කියන තරුණ උසස් පෙළ උපකාරක පන්ති ගුරුවරයෙකු පැල්මඩුල්ල නගරයේදී පැල්මඩුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකපිට අත්අඩංගුවට ගත් ගුරුවරයා වෙද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කරවන බවත් සිසුවිය කගවත්ත මුලික රෝහලට ඇතුළත් කල බවත් පොලීසිය පවසනවා.
අද (26) උදෑසන මොටර් රථයකින් බැස පැල්මඩුල්ල ඔරලෝසු කණුව ආසන්නයේ දී සිසුවියක් අපහසුවකින් පාරේ ගමන් කරනු දුටු නගරවාසීන් පිරිසක් ඒ ගැන විමසිලිමත්වීමේ දී ඇය මත්ව සිටි බවට හඳුනාගෙන තිබෙනවා.
ඒ අවස්ථාවේදී මෝටර් රථය නවත්වා කරුණු විමසන විට ඔහුද බීමතින් සිටින බව හදුනාගත් නිසා නගරවාසින් කිහිපදෙනෙකු ඔහුට පහරදී ඇතැයි පොලීසිය සඳහන් කළා.
ගුරුවරයා නගරවාසීන්ගෙන් බේරීමට උපකාරක පන්ති පවත්වන ගොඩනැගිල්ලේ ඉහළ මහළට දිව ගොස් ඇති අතර පැල්මඩුල්ල පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ, මත්පැන් බෝතලයක භාගයක් ගුරුවරයා හා සිසුවිය විසින් උදෑසනම පානය කර ඇති බවයි.
19 හැවිරිදි සිසුවිය පැල්මඩුල්ල නගරයේ උපකාරක පන්තියකට එන බව කියා උදෑසන හතට පමණ නිවසින් පැමිණි බවත් තම දියණිය රවටා ඇයට මත්වතුර ලබා දී ඇතැයි සිසුවියගේ පියා පැල්මඩුල්ල පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරන අතර සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.