ත්‍රිත්ව සඳ දේවතාවිය හා යුරෝපීය ගුප්තක්රම
යුරෝපීය ගුප්ත ක්‍රම සහ අධ්‍යාත්මික ක්‍රමවේදයන් ගැන කතා කිරීමේදී , ත්‍රිත්ව සඳ දේවතාවියට ඇත්තේ ඉතා ඉහළ වටිනාකමක් මෙන්ම ඉතා ඉහළ පිළිගැනීමක්,
ත්‍රිත්ව චන්ද්‍ර දේවිය යනු පැරැණි ආගම් සහ ජනප්රවාදයේ ඇති විශේෂ ස්ත්‍රී දේවතාවියෙකි. ඇය අතීතය, වර්තමානය සහ අනාගතය යන තුන් කාලයන් නියෝජනය කරන අතර, චන්ද්‍රයේ තුන් අදියර අමාවක, පූර්ණ චන්ද්රය, හා අටවක යන ආදියෙන් සංකේත වේ.
ත්‍රිත්වය හා දේවතාවිය
ත්‍රිත්ව චන්ද්‍ර දේවිය තුන් ආකාරයකින් පවතිනවා යැයි විශ්වාස කෙරේ:
කුමාරිකාව (Maid) – ජීවිතයේ ආරම්භය, නව ආරම්භයන් හා නිර්මාණශීලීත්වය නියෝජනය කරයි.
මාතාව (Mother) – සෙනෙහස, සුරක්ෂිතභාවය හා ප්‍රේමය නියෝජනය කරයි.
වෘද්ධාව (Crone) – ජීවිතයේ ජ්යානය, අත්දැකීම් සහ අවසානය නියෝජනය කරයි.
චන්ද්රය හා එහි සංකේතය
චන්ද්රය, යුගයන් පුරා, ස්ත්‍රී ශක්තිය, ආභාෂය සහ ගැඹුරු සංවේදී බව නියෝජනය කළේය. සෙල්ටික්, ග්‍රීක, හා රෝම දේව කථා මතකයේද, චන්ද්රය පිළිබඳ විශේෂ ආකර්ෂණයක් ඇත.
පුරාවෘත්තයන් පෙන්වන්නේ ත්‍රිත්ව චන්ද්‍ර දේවිය ස්ත්‍රී ශක්තියේ සියලුම පැතිකඩවල් එකට ගෙන එන බවය.
වර්තමානයේ පවා, ත්‍රිත්ව චන්ද්‍ර දේවිය විශේෂයෙන් විකා නම් අධ්‍යාත්මික පද්ධතියේ මෙන්ම ස්ත්‍රී සම අයිතිවාසිකම් සඳහාත් දේවත්වය පිළිඹිබු කිරිමටත් සංකේතයක් වී ඇත. චන්ද්‍රයාගේ වෙනස්වීම, ස්ත්රීන්ගේ ජීවිතයේ සංකීර්ණතාව සහ ආකර්ෂණීයත්වය පෙන්වයි.
සඳ කාලයන් දවසින් දවස සතියෙන් සතිය වෙනස් වෙන්නාසේ ස්ත්‍රියගේ ජීවිතය ජීවිතය ද විවිධාකාර වූ වෙනස්කම් සමග ගලා යන බව ත්‍රිත්ව සඳ දේවතාවියගේ වර්තමාන පුරෝත්කතනය පෙන්වාා දෙයි.
කෙසේ නමුත් අතීතයේදී අය ඉතා ඉහළින් සැමරූ දේවතාවියක් වන අතර ඇයගේ ත්‍රිත්ව ස්වරූපයම එක හා සමානව පුද දෙන ලදී, යුරෝපීය කෙල්ටික් රෝමානු ග්‍රීක මේ සියලු සම්ප්රදායන්හිදී සඳ දේවතාවය පුදනු ලැබූූ අතර අයව විවිධාකාර නම්වලින් හඳුනනන ලද්දේය.
කෙසේ නමුත් ඒ සියලුම සම්ප්රදායන්හි පැහැදිලිවම එක් මූලික සංකල්පයක් මත මෙම දේවතාවියව පුද දෙනු ලැබූ අතර, හින්දු ආගමේද ලලිතා ත්‍රිපුර සුන්දරී දේවතාවියගේ මූලික ස්වරූප තුන මීට මදක් සමාන බව කිව හැකිය. යුරෝපි විකා සම්ප්රදායය තුළ ඇය ප්‍රධාන දේවතාවිය ලෙස බොහෝ තැන්වලදී හඳුනා ගනී.
ඇය පුද දීමෙන් බොහෝ ආශිර්වාද ලබා ගත හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි. අවසාන වශයෙන් කිව හැක්කේ,
ත්‍රිත්ව චන්ද්‍ර දේවිය යනු ස්ත්‍රී ගුණයට ගරු කිරීමේ හා කාලයේ ගැඹුර පිළිබඳ අවබෝධය වර්ධනය කිරීමේ කමටහනක් බවයි. ජීවිතයේ සියලු අදියර ආරම්භය, සම්පූර්ණය, සහ අවසානය ආලෝකමත් කිරීමට මෙම මතකය අපව විශ්වීය පණිවිඩයකට මාරු කරයි.
යුරෝපියෝ සම්ප්රදාය බොහෝ දුරට ස්ත්‍රිත්වය මත පදනම් වූ බව මෙහිදී මතක තබා ගත යුතුයි.
බොහෝ දුරට දේවතාවියන් මූලික වූ අතර කාන්තාවන් මායාකාරියන් හෝ දෙව පූජකවරියන් වශයෙන් සමාජයේ වැදගත් තැනක තැබුහ.
සඳ දේවතාවිය වන්දනය මේ නිසා බොහෝ ප්‍රචලිත වු බව අනිවාර්යයෙන් මෙහිදි මතක් කළ යුතු වේ.
දේශමාන්‍ය,
යුරෝපීය ගුප්තවේදිනි,
මනෝවිද්‍යා හා ආධ්‍යාත්මික උපදේශිකා
A.L.A.S.පෙරේරා