රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන කාන්තාවන්ට මොකද වෙන්නේ?
කාන්තාවන් සේවයේ යොදවා ඇති ඇෆ්ගනිස්ථානයේ සියලුම ජාතික සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වසා දමන බව තලේබාන් සංවිධානය පවසනවා.
2021 අගෝස්තු මාසයේදී ඔවුන් බලයට පත්වීමෙන් පසු කාන්තා අයිතිවාසිකම්වලට එරෙහිව ගත් නවතම මර්දනය මෙයයි.
ඉස්ලාමීය හිස් ආවරණය නිවැරදිව පැළඳ නොසිටි බවට චෝදනා කරමින් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ රැකියා අත්හිටුවන ලෙස වසර දෙකකට පෙර ඔවුන් රාජ්‍ය නොවන සංවිධානවලට පැවසුවා.
මෙම නවතම නියෝගයට අනුකූල වීමට අපොහොසත්වන රාජ්‍ය නොවන සංවිධානවලට ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වීමට ඇති බලපත්‍රය අහිමි වීමට හේතු වන බවයි ආර්ථික අමාත්‍යාංශය අනතුරු ඇඟවූයේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සඳහා ඇති අවකාශය පසුගිය වසර දෙක තුළ විශාල ලෙස හැකිලී ඇති බවයි.
මෙම නව සීමාවන් ආපසු හැරවීමට තලේබාන් සංවිධානයට කළ ඉල්ලීම ඔවුන් නැවත අවධාරණය කර තිබෙනවා.
ජාතික හා විදේශීය සංවිධාන විසින් සිදු කරනු ලබන සියලුම ක්‍රියාකාරකම් ලියාපදිංචි කිරීම, සම්බන්ධීකරණය, නායකත්වය සහ අධීක්ෂණය තලේබාන් සංවිධානය සතු බවයි ආර්ථික අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කර ඇත්තේ.