අසල්වැසියාව ඝාතනය කළ වෙඩික්කරු – මීගොඩ වෙඩි තැබීමේ අලුත්ම තොරතුරු
මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 14 වනදා රාත්‍රීයේ බිරිඳ හා වයස අවුරුදු එකහමාරක කුඩා දරුවා ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
යුද හමුදා සේවයෙන් පලා ආ අයෙකු වන 27 හැවිරිදි සැකකරු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවස සමීපයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීම සිදුකළ දිනට පසුදින වෙඩික්කරු ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ නිවසට ගොස් මෘත ශරීරයට අවසන් ගෞරව ද දක්වා ඇති බව පොලීසිය පැවසුවා.
මීට කලකට ඉහත පැවති සාදයකදී මීගොඩ පොඩි දනා සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර හටගත් ගැටුමක් ඝාතනයට හේතුවී ඇති අතර,
පොඩි දනා නැමැත්තා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතනය සිදුකළ බවයි සැකකරු පවසා ඇත්තේ.
ඝාතනය සඳහා යොදාගත් බවට සැකකෙරන ගිනි අවිය ද පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කරන බවට වාර්තා වනවා.