නන්දා මාලනී ගැනත් පැතිරෙන කටකතා අසත්‍යයි

නන්දා මාලනී ගැනත් පැතිරෙන කටකතා අසත්‍යයි

ප්‍රවීණ ගායන ශිල්පිනි, නන්දා මාලනී ගැනත් මේ දිනවල අසත්‍ය කටකතා පලවිමත් සමග ඇයට ආදරය කරන ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ තම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.

සාවද්‍ය තොරතුරු තවත් එපා නන්දා මිස් පිළිබඳ පැතිරෙන කටකතා සියල්ල අසත්‍යයි.

ජාතියේ යසෝරාව බඳුව අප ආදරණීය නන්දා මාලනියන් පිළිබඳ අසත්‍ය කටකතා සහ සාවද්‍ය ප්‍රවෘත්ති රැසක් සමාජ මාධ්‍ය පිටු ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ඒ සියල්ල අමූලික අසත්‍යය බව වගකීමෙන් දැනුම් දෙන අතර නන්දා මිස් මනා සුවයකින් සිය නිවසේ වෙසෙන අතර එවැනි නොමිනිස් ක්‍රියාවන් තවදුරටත් සිදු නොකරන මෙන් ඉතා කාරුණිකව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටි.

දිගින් දිගටම විශිෂ්ට කලාකරුවන් අල්ලා සිදුකරන මෙම නොමිනිස් ක්‍රියාවන් අප දැඩිව හෙලා දකින අතර වගකිව යුතු පුරවැසියන් සහ රසිකයන් ලෙස යම් ප්‍රවෘත්තියක් සංසරණය කිරීමට දායක වන්නේ නම් ඒ සඳහා වගකීම් සහගතව ලෙසද ඔබ සැමටත් කාරුණික සිහිපත් කරමි.

අපේ ආදරණීය ගුරු මෑණියන්වන නන්දා මිස්ට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිර ජීවනයට සැලසේවායි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නෙමි.!!!!!!

කටකතා කෙසේ හෙතත් ඇයට ආදරේ කරන සියලු දෙනාම ඇයට නිදික් නිරෝගී ජීවිතයක් තවත් දිගු කාලයකට පවතින බව අනිවාර්යෙන්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

චන්දන ලක්මාල්

Share This