සහල් ආනයනය කාලය අදින් අවසන්
සහල් ආනයනයට දී තිබූ කාලය අද(10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
එම කාලයෙන් අනතුරුව දිවයිනට ළඟා වන සහල් තොග හරවා යවන බවයි වෙළෙඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 25,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබෙන අතර, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් සහල් මෙට්‍රික් ටොන් 5000ක් ආනයනය කර ඇති බව සඳහන්.