කිසිම පළපුරුද්දක් නොමැති අයගේ, පාලනයේ ප්‍රතිඵලය නරකයි

වජිර අබේවර්ධන කියයි

කිසිම පළපුරුද්දක් නොමැති අයගේ, පාලනයේ ප්‍රතිඵලය නරකයි

එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මහජන පරමාධිපත්‍ය බල ගැන්වීමේ දැවැන්ත වැඩපිළිවෙලක් මේ වසරේදී බල ගැන්වීමට කටයුතු කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂය සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඒ සඳහා දැවැන්ත සංවිධානයක් අවශ්‍ය බවයි ඒ මහතා කියා සිටියේ.

වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ, කොළඹ මල් පාර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී යි.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී සහ කොළඹ මල් පාර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී නව වසරේ වැඩ ආරම්භ කරනු ලැබුවා.

මේ අදාළ මාධ්‍ය හමුවේදී අදහස් වැඩිදුරටත් අදහස් පළකල එජාප සභාපති වජිර අබේවර්ධන මහතා,

“අලියා ලකුණ යටතේ අප දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.. අනාගතයේදී රටේ ඇතිවීමට නියමිත ආර්ථික දේශපාලන සමාජ අර්බුද සඳහා මුහුණ දීමට අවශ්‍ය කරන නව ගමන් මාර්ගය එළිපෙහෙළි කර ගැනීමේ සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙනවා.. එම අවසාන වැඩසටහන මේ සතියේදී නායකතුමාගේ අනුමැතියෙන් පසුව ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.. අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ඇතිවන ඕනෑම අර්බුදයකට මුහුණ දීමට සූදානම්ව සිටිනවා.. මේ රට බංකොලොත්තු වුණු අවස්ථාවේදී ඔහු තනි පුද්ගලයකු ලෙස ඒ අභියෝගය භාර ගත්තා.. අවබෝධයක් නැති අය ඒ සම්බන්ධව විවිධ විවේචන ඉදිරිපත් කළා කළා.. මේ රටේ අට වැනි විධායක ජනාධිපති දුරය භාර ගනු ලැබූයේ එක අසුනකට සීමා වී තිබූ එක්සත් ජාතික පක්ෂය බව අමතක කළ යුතු නැහැ.. තමාට ගැළපෙන නොගැලපෙන ජනතා නියෝජිතයින් සමග කටයුතු කරමින් ඔහු අභියෝග ජය ගන්නට කටයුතු කළා.. වත්මන් රජය අකුරක් නෑර ක්‍රියාත්මක කරමින් තිබෙනවා.. එය වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් නීති කෙටුම්පත වෙනස් කළ යුතුව තිබෙනවා.. මහා බැංකු පනත නැවත මේ රට බංකොලොත් නොවන පවත්වාගෙන යාමට බලපානවා.. හිතුමතේ මුදල් අච්චු ගැසීමට බැරිවන පරිදි ඒ පනත සකස් කර තිබෙනවා.. ඒ නීතිය ඔස්සේ වත්මන් රජය ගමන් කරනවා එයත් හොඳ වැඩක්.. 2025 වසරේදී ඔබෙත් මගෙත් වගකීම කිසිම පළපුරුද්දක් නොමැති කණ්ඩායමකට භාරදී තිබෙනවා.. එහි ප්‍රතිඵල ඉතා නරකයි.. ඒ සම්බන්ධව මට නම් කිසිම සැකයක් නැහැ.. ඒ ප්‍රතිඵල වඩාත් නරක වන විට එක්සත් ජාතික පක්ෂය සහ ඒකරාශී වන කණ්ඩායම් සමඟ අභියෝග භාර ගන්නට සූදානම්..”

Share This