තායිලන්ත ජාතික කාන්තාවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් හේතුව

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා කාන්තාවන් නව දෙනකු සමග එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාන්තාවන් සියලු දෙනාම තායිලන්ත ජාතිකයන් බවට සඳහන්ය.
ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එහි කළමනාකරු වශයෙන් සිටි බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.