ජනපති හෙට ඉන්දියාවට යයි
නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට(15) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.
ජනාධිපතිවරයා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු සිදු කරන පළමු විදෙස් සංචාරය මෙය වනවා.
ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට සිට 17 වැනිදා දක්වා මෙම සංචාරයේ නිරත වනු ඇති බව සඳහන්.
මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපතිනිය, අග්‍රමාත්‍යවරයා ඇතුළු ඉන්දීය සම්භාවනීය අමුත්තන් සමග අනෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.