කථානායකගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි
කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන තිබෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඛිතව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දන්වා යවා ඇතැයිද සඳහන් වනවා.
කථානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ ඇති වූ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් ඔහු ඊයේ (13) දිනයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.
මාධ්‍ය වෙත ලිපියක් නිකුත් කරමින් අශෝක රන්වල සඳහන් කළේ සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ ගැටලුවක් මතුව තිබුණත් තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිඳු සාවද්‍ය ප්‍රකාශයක් කථානායකවරයා ලෙස තමා ප්‍රකාශ කර නොමැති බවයි.
පසුගිය මස 21 වැනිදා කථානායක ධුරයේ දිවුරුම් දුන් හු ඊයේ ඉල්ලා අස්වීමට තීරණය කරන විට ධුරයේ කටයුතු කර තිබුණේ දින 22ක් පමණයි.
ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ කෙටිම කාලයක් කථානායක ධුරයේ කටයුතු කථානායකවරයා වශයෙන් මෙන්ම කෙටිම කාලයකින් ඉල්ලා අස්වූ කථානායකවරයා ලෙසද අශෝක රන්වල ඉතිහාස ගතවනු ඇති බව සඳහන්.