නුවරඑළිය මහනගර සභාවේ බලය ජාතික ජනබලවේගයට

නුවරඑළිය මහනගර සභාවේ බලය තමන් සතු කරගැනීමට ජාතික ජන බලවේගය අද (18) සමත් විය.
ඒ, ලංකා කම්කරු කොංග්රසයේ සහය ඇතිවයි. ඒ අනුව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ උපාලි වලියසේකර මහතා පත්වූයේ ඡන්ද 14ක් ලබා ගනිමිනි.
එහි උප නගරාධිපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්රසයේ සිවජෝති යෝගරාජා පත්විය.
නිමාවට පත් වූ පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට මන්ත්රී ධුර 12ක්, සමගි ජන බලවේගය මන්ත්රී ධුර 04ක්, එක්සත් ජාතික පක්ෂය මන්ත්රී ධුර 03ක්, ස්වාධීන කණ්ඩායම්වලට මන්ත්රී ධුර 03ක්, ලංකා කම්කරු කොංග්රසය මන්ත්රී ධුර 02ක් සහ පොදු ජන එක්සත් පෙරමුණට එක් මන්ත්රී ධුරයක් හිමිව විය.