මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර වෙනස් වෙයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර වෙනස් වෙයි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට කමල් අමරසිංහ මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය හිමිවී තිබේ.

ඒ, එම නතතුරේ කටයුතු කළ නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවයේ කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරිවලින් තමා මුද හරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබීම හේතුවෙනි.

කමල් අමරසිංහ මහතා වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම  සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වේ.

Share This