මෙරට ජනගහනය 21,763,170ක්

2024 වර්ෂයට අදාළ ජන හා නිවාස සංගණනයට අනුව මෙරට ජනගහනය 21,763,170ක් වන ජාතික නිවාස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2012 වසරේ ජන හා නිවාස සංගණනයේදී වාර්තා වූ මුළු ජනගහනයට වඩා මෙවර 1,403,731ක වැඩිවීමක් පෙන්නුම් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුළු ජනගහනයෙන් සියයට 28.1ක වැඩිම ජනගහනයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර සියයට 5.3ක් වූ අඩුම ජනගහනයක් පදිංචිව සිටිනුයේ උතුරු පළාතේය.
දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකුවහොත් වැඩිම ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අතර එම සංඛ්‍යාව 2,433,685කි.
ඊළඟ වැඩිම ජනගහනයක් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,374,461ක් වේ.
කුරුණෑගල කුරුණෑගල (1,760,829), මහනුවර (1,461,269), කළුතර (1,305,552), රත්නපුර (1,145,138) සහ ගාල්ල (1,096,585) යන දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර, මේ සෑම දිස්ත්‍රික්කයකින්ම මිලියනයකට වැඩි ජනගහනයක් වාර්තා වී ඇත.
පෙර සංගණනවලදී මෙන්ම, මෙවර දිවයිනේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස උතුරු පළාතේ මුලතිව් (122,542), මන්නාරම (123,674), කිලිනොච්චි (136,434) සහ වවුනියා (172,257) දිස්ත්‍රික්කවල වාර්තාවී තිබේ.