පෙබරවාරියේ මෙරටට පැමිණි සංචාරකයන් ගණන මෙන්න

පෙබරවාරියේ මෙරටට පැමිණි සංචාරකයන් ගණන මෙන්න

පෙබරවාරි මාසයේදී විදේශ සංචාරකයින් 232,341 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඉන් වැඩි පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි, එම අධිකාරිය සඳහන් කළේ.

එම සංඛ්‍යා 34,006ක් වනවා.

රුසියාවෙන් 29,241ක්, බ්‍රිතාන්‍යයෙන් 16,720ක් සහ ප්‍රංශයෙන් 15,063ක් මෙරටට පැමිණ ඇති බව සඳහන්.

ඒ අනුව වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

 

Share This