‌බෝ නොවන රෝග හේතුවෙන් මිය යන පොලිස් නිලධාරින්ගේ ගණන වැඩි වෙලා

‌බෝ නොවන රෝග හේතුවෙන් මිය යන පොලිස් නිලධාරින්ගේ ගණන වැඩි වෙලා

බෝ නොවන රෝග හේතුවෙන් පොලිස් නිලධාරින් අතර සාපේක්ෂ ඉහළ මරණ සංඛ්‍යාව වාර්තා වන බවට නවතම සංඛ්‍යා ලේඛනවලින් අනාවරණ වී තිබෙනවා.

2023 වසරේදී පොලිස් නිලධාරින් 250කට ආසන්න පිරිසක් මෙම රෝගවලට ගොදුරුවී ඇති බව සඳහන්.

මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට පොලිස් නිලධාරින් 200කට වැඩි පිරිසක් බෝ නොවන රෝගවලට ගොදුරුවී ඇති බවයි, අදාළ සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.

මේ හේතුවෙන් සෑම සෙනසුරාදා දිනකම උදෑසන අනිවාර්යයෙන් ශාරීරික අභ්‍යාසවල නිරත වන ලෙසට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ජාතික පුවත් පතක් තොරතුරු වාර්තා කරනවා.

9,000ක් පමණ සිටින පොලිස් සේවයේ අය සවස් කාලයේ වොලිබෝල් වැනි කණ්ඩායම් ක්‍රීඩා කරන ලෙසට ද චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇති බව සඳහන්.

පොලිස් නිලධාරින් තම කොට්ඨාසවල පිහිටුවා ඇති වෛද්‍ය උපකාරක මධ්‍යස්ථාන භාවිත කිරීමට දිරිමත් කිරීම ද ඊට ඇතුළත් කර තිබෙනවා.

බෝ නොවන රෝගවලට හෘදය, අක්මාව සහ වකුගඩු ආබාධ, පිළිකා සහ දියවැඩියාව ඇතුළත් වනවා.

පොලිස් නිලධාරීන් බොහෝ විට පැය 24ම රාජකාරියේ යෙදෙන අතර ඔවුන්ට නියමිත වේලාවට විවේක ගැනීමට හෝ ආහාර ගැනීමට නොහැකි වන බව සඳහන්.

ඔවුන් අධික ආතතියටද නිරාවරණය වන බව පෙනීයෑම නිසා යහපත් සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳ මේ වනවිට වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

Share This