කෝසල නුවන් වෙනුවට පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරයා

කෝසල නුවන් වෙනුවට පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරයා

අභාවප්‍රාප්ත කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන්ගෙන් පුරප්පාඩු වන ආසනය සඳහා සමන්ත රණසිංහ මහතා පත් කිරීමට නියමිතව තිබේ.

වෘත්තියෙන් ගුරුවරයෙක් වූ ඔහු පසුගිය මහමැතිවරණයෙන් මනාප ඡන්ද 41,763ක් ලබාගැනීමට සමත් විය.

සමන්ත රණසිංහ මහතා මැයි මස පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී රඹුක්කන ප්‍රදේශීය සභාව සඳහා තරග කරන බව සඳහන්ය.

කෑගල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු ආසන නවයෙන් හතක් ජාතික ජනබලවේගය විසින් දිනාගනු ලැබුවේ, ඡන්ද 312,441ක් ලබාගනිමින්.

මේ අතර  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වැනි දින සිට  දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩ බලන  මහ ලේකම් චමින්ද කුලරත්න මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත අද (07)  දැනුම් දෙන ලදී.

1988 අංක 35 දරන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරව  මෙම දැනුම් දීම සිදුකර ඇත.

Share This