නවතා තිබූ කන්ටේනරයේ ගැටී යතුරුපැදිකරු මියයයි
හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්රදේශයේ දී ඊටේ (27) රාත්රියේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පන්නිපිටිය දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කළා.
අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගිය බවයි පොලීසිය පවසනනේ.
මරණකරු වයස අවුරුදු 45 ක් වූ බ්රාහ්මණගම, පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.