කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ධීවර සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් දන්වා ඇත්තේ, කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි වනු ඇති.

ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. මෙම අවවාදාත්මක නිවේදනය හෙට (16) දින පෙවරු 06.00 දක්වා වලංගු වනු ඇති.

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකියි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර්  30-40ක පමණ තරමක තද සුළං අපේක්ෂා කෙරෙනවා.

Share This