ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

සමාජ ක්‍රියාකරියෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කියන පුද්ගලයාව ලබන 30 වනදා දක්වා රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහු අද (25) අධිකරණයට හමුවට ඉදිරිපත් කළ අවස්ථවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා මෙම නියෝගය නිකුත් කළේය.

මේ අතර අදාළ ඝාතනයට ආධාර අනුබල දුන් බව කියන ඥාති පුත්‍රයෙක් සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ පිය පුතු දෙපළ සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද තොරතුරු වාර්තා වෙයි.

මොවුන්ට විදේශ ගමන් තහනමක් ලබාගැනීමට පසුගියදා පොලිසිය කටයුතු කළේය.

Share This