පෘථිවිය සතුව තිබූ විශාලතම අඟහරු පාෂාණය ඩොලර් මිලියන 4.3කට විකිණේ

පෘථිවිය සතුව තිබූ විශාලතම අඟහරු පාෂාණය ඩොලර් මිලියන 4.3කට විකිණේ

නිව්යෝර්ක් නගරයේ වෙන්දේසියකදී පෘථිවියෙන් සොයාගත් විශාලතම අඟහරු පාෂාණය ඩොලර් මිලියන 4.3කට විකිණී ඇතැයි වාර්තා වේ. එයට අමතර ගාස්තු සහ බදු එකතුවීමෙන් සමස්ත මිල ඩොලර් මිලියන 5.3ක් බවට පත්විය.

මෙම පාෂාණයේ බර කිලෝ ග්‍රෑම් 24.5 කි. දිග අඟල් 15කි. එය අඟහරු මත ඇති වායුගෝලික ප්‍රහාරයකින් වෙන්වී පෘථිවියට පැමිණ ඇති බව විශ්ලේෂකයෝ පවසති. මෙය සොයාගන්නා ලද්දේ 2023 වසරේ නොවැම්බර් මස සහාරා කාන්තාරයේ ප්‍රදේශයකදී ය.

කෙසේ වෙතත් මෙහි නව අයිතිකරු පිළිබඳ තොරතුරු රහසිගතව පවතී.

සඳුනි තිලකරත්න

Share This