කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කීපයක ඡන්ද විමසීමට පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවතට

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට එළඹෙන මැයි 6 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
ඒ, ඊට අදාළ නඩු අද (11) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
එහිදී එම පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙසට නියෝගයක් ද නිකුත් කර ඇත.
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකාබැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්ය.