රට ඉන්න බිරිඳ කෝල් ගන්න එපා කියූ නිසා සැමියා දිවි නහගෙන

රට ඉන්න බිරිඳ කෝල් ගන්න එපා කියූ නිසා සැමියා දිවි නහගෙන

විදේශගත රැකියාවක නිරත බිරිඳ දුරකතනයෙන් කතා කිරීම නැවත්වූ බව පවසමින් එක් දරු පියෙකු ජංගම දුරකතනයෙන් විඩියෝගත කරමින් සියදිවි නසාගෙන තිබෙනවා.

මේ පිළිබඳව කහවත්ත මුලික රෝහලේ පැවති හදිසි මරණ පරික්ෂණයේදි හෙළිවී ඇතිබව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත වැල්ලදුර වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු සහ තවත් අයෙකු මෙහිදී සාක්කි දී තිබෙන බව සඳහන් වනවා.

ඒ අනුව හෙළිවී ඇත්තේ මියගිය අයගේ බිරිඳ මීට මාස හයකට පෙර සවුදි අරාබියේ රැකියාවකට ගොස් ඇති අතර ඇයට දුරකකන ඇමතුම් ලබා නොගන්නා ලෙස ඇය සැමියාට දැනුම් දීමෙන් පසු ඔහු ගෙල වැළලාගෙන ඇති බවයි.

ඔහු ගෙල වැළලාගැනීමට පෙර ජංගම දුරකතනයේ වීඩියෝ කැමරාව විවෘත කර ඇතැයි ද සියදිවි නසා ගන්නා ආකාරය එහි පටිගත වී ඇතැයි කහවත්ත පොලීසිය සහ හදිසි මරණ පරික්ෂකවරයා විසින් ජංගම දුරකතනය පරික්ෂාවට ලක් කිරිමේදී අනාවරණය වී තිබෙනවා.

මෙම මරණය ගෙල වැළලාගැනීම නිසා සිදුවූ බව පශ්චාත් මරණ පරික්ෂණයේ දී නිගමනය වී ඇති බව සඳහන්.

Share This