නාඳුනන මළ සිරුරු තුනක භාරකරුවන් සොයයි

නාඳුනන මළ සිරුරු තුනක භාරකරුවන් සොයයි

ව්‍යාජ තොරතුරු දී රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීම සඳහා ඔවුන්ගේ භාරකරුවන් සොයා ගැනීමට මහජන සහාය අපේක්ෂා කරනවා.

මෙම තිදෙනා අතරින් එක් අයෙකු මාකුඹුර අධිවේගී පිවිසුම ආසන්නයේ හයිලේවල් මාර්ගයේ වැටී සිටියදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් පසුගිය නොවැම්බර් මස 30 වැනිදා රෝහලට ඇතුළත් කර තිබූ අතර පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී දෙසැම්බර් 13 වනද මියගොස් තිබෙන අතර ඔහුගේ අනුමාන වයස 68 පමණ වන බව හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසනවා.

මේ අතර “සෙල්වම්” නමින් හදුන්වන පුද්ගලයෙකු පසුගිය දෙසැම්බර් 17 වනදා රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මේ මස 03 වනදා මියගොස් ඇති අතර, මොහුගේ අනුමාන වයස 62 පමණ වනවා.

මීට අමතරව සුනීමල් ගෝමස් නැමැති 50 හැවිරිදි තැනැත්තෙකු ඉකුත් 21 වනදා රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී 26 වැනිදා මියගොස් ඇති බව සඳහන්.

මොහු රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී කටුවාවල ප්‍රදේශයේ චරිත් ස්ටෝර්ස් නමින් භාරකරුවකු ඉදිරිපත්ව ඇති අතර ඔහු පිළිබඳව මහරගම පොලීසිය හරහා සිදුකළ පරීක්ෂාවක දී එය ව්‍යාජ ලිපිනයක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෙම මෘත දේහ තුන පශ්චාත් මරණ පරීක්ෂණ සදහා යොමු කිරීමට නොහැකිව හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

ඔවුන් පිළිබඳව තොරතුරක් වෙතොත් 0112 855 200 අංකයට අමතා හෝමාගම මූලික රෝහල් පොලීසියට තොරතුරු ලබා දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට සහාය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This