සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම රජයේ අරමුණයි

සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම රජයේ අරමුණයි

සියලු දෙනාටම සාධාරණ මිලකට බලශක්ති ලබාදීම නව රජ‌යේ අරමුණ වන බව විෂය භාර අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ආයෝජිකයින් සමඟ පැවැති හමුවකදීයි.

කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් ලෙසට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ද අමාත්‍යවරයා කියාසිටියා.

වත්මන් රජය පුනර්ජනනීය බලශක්ති කෙරෙහි විශාල බලාපොරොත්තුවක් තබා තිබෙනවා.

බලශක්ති උත්පාදනය කිරීම සඳහා පෞද්ගලික අංශයට ප්‍රමාණවත් අවකාශයක් ලබාදී ඇති බවයි, අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අවධාරණය කළේ.

එහිදී රජයටත් ආයෝජකයින්ටත් සාධාරණයක් ඉටුවන දෙපාර්ශවයටම ජය ලැබෙන ක්‍රමවේදයක් අනුගමන කළ යුතුයි.

මෙම පුනර්ජනනීය ව්‍යාපෘතින් මගින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙගාවොට් 500කට වඩා වැඩි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තුව වන බවත් ඒ සඳහා ශක්‍යතාවක් පවතින බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණ වුණා.

Share This