ජනතාවට සහන දෙන හැටි ආණ්ඩුව කියයි
විදුලිබල ක්ෂේත්රයට අදාළව ජාතික ජනබලවේගයේ පොරොන්දු ඉටු කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (09) පස්වරුවේ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනා ඉදිරිපත් කරමින්.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුන මාස දෙකෙහි උද්ධමනය ඍණ අගයක පවත්වා ගැනීමට හැකිවීම වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණයක් බවයි ඔහු කියාසිටියේ.
ජාතික ජනබලවේගය ජනතාවට දුන් පොරොන්දුවක්වේ නම් එය ඉටු කරන බව ද කුමාර ජයකොඩි මහතා අවධාරණය කළා.
“විශේෂ වශයෙන් විදුලිබිල ගැන යමක් කියන්න ඔනේ. බලශක්ති අමාත්‍යවරයා හැටියට මගෙන් රටේ වැඩිදෙනෙක් යම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන බවත් මම දන්නවා. රජයක් හැටියට ජනතාවට සහන දෙන්න, රජයට අපහසුතාවට පත්වෙන්න සිද්ද වෙනවා නම්, ජනතාව අපහසුතාවට පත් නොකර රජයක් හැටියට ඒ අපහසුතාව විදින්න අපි සූදානම්. අපි අඩම්බරයෙන් කියන්නේ, අපි ජනතාවගේ රජයක්. හිටපු පාලකයෝ අපිට උරුම කළේ කලාපයේ විදුලිබිල වැඩිම රටක්. ඔව් මේ කලාපයේ විදුලිබිල වැඩිම රටක් තමා අපේ රට, ඒක අපිට එදිනෙදා ජීවිතයට ජීවන වියදමට බලපානවා. රටේ කර්මාන්තශාලාවලට රටේ නිෂ්පාදන ක්ෂේත්රයට ඒක බලපානවා. ඒක හින්දා විදුලිය සාධාරණ, දැරිය හැකි මිලකට දෙන්න ඔනේ.
රටේ ජනතාවගේ ජීවිතවලට පහසුවක් පොහාසත්කමක් දෙන්න විතරක් නෙවෙයි, කර්මාන්ත ක්ෂේත්රයේ දියුණුවට අවසාන වශයෙන් රයේ ආර්ථික දියුණුවට. ඔව් ඒ ජාතික ජනබලවේගයේ අපේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සිහිනය සැබෑ කරන්නට දැරිය හැකි මිලකට, අවම වශයෙන් මේ කලාපයේ අවම මිලට බැරි නම් කලාපයේ සාමාන්‍ය මිලට විදුලිය ලබාදෙන බලාපොරොත්තුව පොරොන්දුව අපට තියෙනවා.”