ප්රියා සූරියසේන අද දැයෙන් නික්ම යයි
අභාවප්රාප්ත ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.
දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, මහජන ගෞරව දැක්වීමෙන් අනතුරුව දේහය බොරැල්ලේ පොදු සුසාන භූමියට ගෙනයනු ලබනවා.
ඒ අනුව සවස 4ට පමණ බොරැල්ල සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ප්රියා සූරියසේන මහතා පසුගිය 25 වැනිදා උදෑසන අභාවප්රාප්ත වුණා.
1944 වසරේ ඔක්තෝබර් මස 27 වන දින උපත ලැබූ ඒ මහතා මිය යන විට 80 වන වියේ පසු වුණා.
“මට වාසනා.., මගේ ළමැද සුව යහනක්.., රටකින් එහා.., ඇසුරින් මිදීලා.., ඈත රන් විමන්.., ආදරණීය නේරංජනා.., මගෙ සමරුම් පොතේ.., හිරු ද මුවාවි.., සුදු පරෙවි රෑන සේ.., සඳ තාරකා හඬාවි.., ලිහිනින් රෑන පියාසලන්නේ.., අඳුර අඳුර මගේ.., හෙට දවසේ අප දෙදෙනා..” යන ගීත ඔහුගේ අතිශය ජනප්රිය ගීත අතරට එක්වනවා.
චිත්රපට පසුබිම් ගායකයෙක් ලෙසින් “හරියනකොට ඔහොම තමයි” චිත්රපටය හරහා සිනමාවට පිවිසෙන ඔහු පසුව “සෙලීනගේ වලව්ව”, “මල් කැකුළු”, “සිකුරු දසාව” සහ “ඈතිත් ඈතට” වැනි චිත්රපට කිහිපයකම ගීත ගායනා කර තිබෙනවා.