අභාවප්රාප්ත ආචාර්ය සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු හෙට
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අභාවප්රාප්ත ආචාර්ය ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාගේ අවසන් කටයුතු හෙට (5) බොරැල්ල පොදු සුසාන භූමියේ සිදුකිරීමට නියමිතයි.
ඒ මහතාගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
කලක් රෝගීව සිටි සූරියප්පෙරුම මහතා පසුගිය 2වනදා අභාවප්රාප්ත වූ අතර, මිය යනවිට 96 වියේ පසුවුවා.
ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා හිටපු විශ්වවිද්යා ආචාර්යවරයෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකු සහ ලේඛකයෙකු ද වනවා.
ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දේශපාලනයට පිවිසි අයෙක්.