වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රීයේ දී
2025 නව වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
මෙම උල්කාපාත වර්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මෙම උල්කාපාත වර්ෂාව පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිට ජනවාරි මස 12 වැනිදා දක්වා අතර කාලයේදී සක්‍රීයව පවතින බවද ඒ මහතා එහිදී ප්‍රකාශ කළා
එය උපරිම අවස්ථාවට පත්වන්නේ අද (03) රාත්‍රීයේදී යි.
මෙම උල්කාපාත වර්ෂාව දැකගත හැකිවන්නේ ‘බූට්ස්’ කියන තාරුකා රාශිය ආශ්‍රිතවයි.
එය අළුයම 5.00ට පමණ නැරඹිය හැකි අතර එම කාලය මෙම උල්කාපාත වර්ෂාව නැරඹීම සඳහා සුදුසුම අවස්ථාව වන බවද අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා ප්‍රකාශ කළා.
ප්‍රමාණයෙන් විශාල උල්කාපාත ප්‍රමාණයක් දැගත හැකිවීම මෙහි විශේෂත්වයක් වන බවත්, පැයකට උල්කාපාත සියයේ සිට 120ක් දක්වා අතර ප්‍රමාණයක් මෙහිදී දැකගත හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නා.
මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි අතර ඒ සඳහා කිසිඳු උපකරණයක අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම ඊසාන දින අහසේ මෙම උල්කාපාත වර්ෂාව හොඳින් දැකගත හැකි බව ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.