රට රස්සා දෙනවා කියලා 150 දෙනෙකු රැවටූ පුද්ගලයාට අත්වූ ඉරණම

විදෙස් රැකියා ලබා දෙන බවට පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් රුපියල් කෝටි 05 අධික මුදලක් ලබාගත් පුද්ගලයෙකු කිරුළපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා අවුරුදු 37 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙති.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.