දේශබන්දුට ඇප දෙනවා ද නැද්ද තීන්දුව අද

රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, ඔහු විසින් සිදු කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සලකා බැලීම සඳහායි.
ඒ අනුව පස්වරු 2.00ට මෙම නඩුව යළි කැඳවීමට නියමිත බව සඳහන්.
2023 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලැබු සිටි දේශබන්දු තෙන්නනකෝන් මහතා ඊයේ (19) අධිකරණයට භාර වූයේ මෝසමක් ඉදිරිපත් කරමින්.
මේ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ඇප ලබා දෙනවා ද නැද්ද යන තීරණය අද (20) ලබා දෙන බවට පවසා, සේවය අත්හිටුවා ඇති පොලිස්පතිවරයා රිමාන්ඩ් කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන ගිය බව සඳහන්.