තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කරයි

තැපැල් ඡන්දය අයදුම්පත්‍ර යොමු කිරීමේ කාලය මාර්තු මස 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ, අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය, තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්.
මීට පෙර එම කාලය මාර්තු 12 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමටයි ඔවුන් තීරණය කළේ.
17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු වනවා.
13 සිට 17 දක්වා කාලය තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයතුම්පත්‍ර තැපෑල් නොකර එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාර දෙන ලෙස කොමිසම ඉල්ලීමක් කළේ.
මේ අතර පසුගිය 10 වැනි දින නාමයෝජනා දැන්වීම පළ කළ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව හා අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවල තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මාර්තු මස 19 වැනිදායින් අවසන් වනවා.