විවිධ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් පැවති, ‘ජාතික සාහිත්‍ය සහ කලා තරගාවලියේ’ සම්මාන ප්රදානෝත්සවය
විවිධ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ නිර්මාණාත්මක කුසලතාවයන් ඔප්නැංවීම අරමුණු කරගනිමින් පවත්වන ලද ‘ජාතික සාහිත්‍ය සහ කලා තරගාවලියේ’ සාහිත්‍ය අංශයේ සම්මාන ප්රදානෝත්සවය ඊයේ (18) පැවැත්වුණා.
ඒ, අරලියගහ මන්දිරයේ දී යි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙහි ආබාධ සහිත ප්‍රජාවගේ සංස්කෘතික අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශය මඟින් සංවිධානය කළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වනුයේ, මෙරට විවිධ අවශ්‍යතා සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තවදුරටත් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සංස්කෘතික කලා රසවින්දනය වෙනුවෙන් ලැබිය යුතු අවස්ථාවන් පුළුල් කිරීම වෙනුවෙනි.
ඒ අනුව ඊයේ පැවති සම්මාන ප්රදානෝත්සවයේදී පද්‍ය රචනා, කෙටිකතා, ස්වයං චරිතාපදාන, ගීත නිර්මාණ හා ඡායාරූප යන තරග අංශ සඳහා පහත ආකාරයට සම්මාන සහ සහතික පත්‍ර ප්රදානය කර තිබුණා.
පද්‍ය රචනා සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – එස්. පී.ජී. සඳුනි නිසංසලා ජයවර්ධන
පද්‍ය රචනා දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – සෙල්වරෙතිනම් මාණික්යකරසි
කෙටිකතා සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – සුනිලා රත්නායක
කෙටිකතා දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – කලයියාරාසන් ඈන් අනීතා
ස්වයංචරිතාපදාන සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය – ජී. ඒ. නාදිශිකා මධුෂානි
ස්වයංචරිතාපදාන දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය – සුරේෂ් කුමාර් දිලෝජිනි
ඡායාරූප ප්‍රථම ස්ථානය – ඒ.ඒ. ඩී. චිරන්ත හෂාන් අමරසිංහ
ගීත නිර්මාණ සිංහල ප්‍රථම ස්ථානය – යු. ආර්. ජයසුන්දර බණ්ඩාර
ගීත නිර්මාණ දෙමළ ප්‍රථම ස්ථානය – සිවකුමාර් මතුමිතා
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ඒ. එම්. පී. එම්. බී. අතපත්තු, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, සංස්කෘතික ප්‍රවර්ධන අධ්යක්ෂ ආචාර්ය ප්‍රසාද් රණසිංහ,බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් අනිල් අබේගුණවර්ධ යන මහත්වරු, අමාත්‍යාංශ නිලධාරීහු, විවිධ අවශ්‍යතා සහිත ප්‍රජාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.