දළුගම සරසවි චිත්‍රාගාරයේ පැවැත්වීමට නියමිතව තිබූ, සංවත්සර සිනමා උළෙල කල් යයි

දළුගම සරසවි චිත්‍රාගාරයේ පැවැත්වීමට නියමිතව තිබූ, සංවත්සර සිනමා උළෙල කල් යයි

දළුගම සරසවි චිත්‍රාගාරයේ, ජනවාරි 27 වැනිදා සිට 29 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර සිනමා උළෙල නොවැළැක්විය හැකි හේතුවක් මත එළැඹෙන මාර්තු මස දක්වා කල්තබා ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කරන්නේ, නියමිත දිනට උළෙල පැවැත්වීමට නොහැකි වීම පිළිබඳව කණගාටු වන බවයි.

මෙම සංවත්සර සිනමා උළෙල සංවිධානය කර තිබුණේ, ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් පිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 ක් පිරීමට සමගාමීවයි.

ඒ අනුව, චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ජනවාරි 14 වැනිදා සිට ජනවාරි 19 වැනිදා දක්වා සිනමාපට 6ක් තිරගත කෙරුණා.

මෙහි ඇති විශේෂත්වය නම්, මෙම සිනමාපට නොමිලේ ම නැරඹීම සඳහා සිනමා රසවතුන් හට අවස්ථාව සලසා දී තිබීමයි.

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 යි – ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 යි
Share This