වසරේ 50 වෙනි වෙඩිල්ල පානදුරෙන් පත්තු වෙයි

පානදුර, වෑකඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් සුළු තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කර තිබේ.
යතුරුපැදි කොටස් අලෙවි ස්ථානයකට යතුරුපැදියකින් පැමිණි නාහඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඉන් අදාළ අලෙවි සැලෙහි සේවකයෙකුට වෙඩි වැදී ඇත.
මෙය මේ වසරේ සිදු වූ 50 වන වෙඩි තැබීමේ සිදුවීම ලෙසට තොරතුරු වාර්තා වේ.