තායි අගමැතිවරියගේ වැඩ තහනම් කෙරේ

දුරකතන සංවාදයක හඬපටයක් කාන්දු වීම හේතුවෙන් තායිලන්ත අගමැතිනි පේටොංටාර්න්ගේ රාජකාරි තායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මේ සඳහා හේතු වී ඇත්තේ කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග පවත්වන ලද පුද්ගලික දුරකතන සංවාදයකි. එහිදී තායි අගමැතිවරිය කාම්බෝජයේ හිටපු නායකයා අමතා තායි හමුදා අණදෙන නිලධාරියෙකු ‘විරෝධියෙකු’ ලෙස හඳුන්වමින් ඔහුව විවේචනය කර ඇත.
මෙම හඬපටය එළියට පැමිණීමත් සමග එය තායි හමුදාවට කරනු ලබන අපහාසයක් ලෙස සලකා ජනතාවගේ කෝපයටද ලක්ව ඇත. එසේම ඇයගේ ප්‍රකාශය ජාතික ආරක්ෂාවට හානි කරන බවත්, එය සදාචාරමය උල්ලංඝනයක් බවත් පවසමින් සෙනට් සභිකයන් 36 දෙනෙකුගේ පෙත්සමක් මත අධිකරණ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම දුරකතන සංවාදය සිදුවූයේ ඉකුත් මැයි 28දින තායි-කාම්බෝජ දේශසීමාවේදී සිදුවූ හමුදා වෙඩි ප්‍රහාරයකින් කාම්බෝජ සෙබලෙකු මිය යාමත් සමග ඇති වූ උණුසුම් තත්ත්වයක් මැදය. මෙහිදී තායි අගමැතිනිය කියා සිටියේ ඇයගේ ප්‍රකාශ කාම්බෝජය සමග සාමකාමී සම්බන්ධතා පවත්වා ගැනීමේ උත්සහයක් ලෙසයි. නමුත්, තායි ජාතිවාදී පාර්ශ්වයන් සහ හමුදා ඒ සඳහා දැඩි විරෝධය පළ කර ඇත.
මේවන විට ඇයගේ රාජකාරි තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඇයගේ ස්ථානයට වැඩබලන අගමැතිවරයකු පත්කර ඇත.
අහමැතිවරියට තම ආරක්ෂාව සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට දින 15ක කාලයක් හිමිව ඇත.
සඳුනි තිලකරත්න